• Shahan Fernando

අවසන් මහා තරඟයේ කඩුළු පිට කඩුළු දඩයම් කළ ප්‍රමෝද් මධුෂාන් ගේ කතාව.

ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී පන්දුවෙන් විශිෂ්ට දස්කම් පාමින් වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුෂාන් පාකිස්තාන කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 34කදී බිදහෙලන්නට විය.


ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය නියෝජනය කරන 28 හැවිරිදි ප්‍රමෝද් මදුෂාන් මෙවර ආසියානු කුසලාන තරගාවලියෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවිය ආරම්භ කළේය.



පළමු ආසියානු කුසලානයේ පළමු තරග හතර තුළදී මට අතිරේක ක්‍රීඩකයෙක් වශයෙන් ඉන්න සිදු වුණා. ඒත් මම කවදාවත් එහෙම හිතන්නෙ නැතුව ඉහළ අධිෂ්ඨානයෙන් මගේ පුහුණුවීම් කළා. මම මගේ මංගල තරගයේදී කඩුලු දෙකක් ලබා ගත්තා. එහිදී පන්දු වාර 2 එක් පන්දු යැවීමට මට හැකි වුණා.


ඇත්තටම මට හොඳ ක්‍රිකට් ජීවිතයක් තිබුණේ නැහැ. ආරම්භයේ සිටම දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වුණා. මම මගේ ක්‍රිකට් ක්‍රීඩාව හම්බන්තොට මහා විද්‍යාලයෙන් ආරම්භ කළා. අනතුරුව හම්බන්තොට ථේරපුත්ත ජාතික පාසලට අවිත් කුමාර සර්ගෙන් මගේ ක්‍රිකට් දක්ෂතා වර්ධනය කර ගත්තා.


හම්බන්තොට මහා විද්‍යාලයේ මම දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක් වුණා. මගේ මිතුරන් සමඟ සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණා. නමුත් මගේ ක්‍රීඩා හැකියාවත් එක්ක මට හම්බන්තොට ථේරපුත්ත ජාතික පාසලට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණා. ථේරපුත්ත ජාතික පාසලට ක්‍රීඩා කරද්දි මම ආරම්භක පන්දු යවන්නා වගේම මුල්පෙල පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කළා."


කටුනායක ගුවන් හමුදා පිටියේ පැවැති Diviosion 2 තරගයකදී මම ඉතා හොඳින් දස්කම් දැක්වූවා. ප්‍රිමියර් ලීග් ක්‍රිකට් සඳහා කොළඹ ක්‍රීඩා සමාජයට එක්වන ලෙස විනිසුරුවරයෙක් මගෙන් ඉල්ලා සිටි අතර එය මගේ ක්‍රිකට් දිවියේ හැරවුම් ලක්ෂය වුණා.


හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන්න ක්‍රීඩක සුරංග ලක්මාල් ක්‍රීඩා කළ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයට සම්බන්ධ වෙන්න මම උනන්දු වුණා. ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයට එක් වෙන්න වත්මන් නායක ධනජය ද සිල්වා හොඳ සහයෝගයක් දුන්නා. මට ජාතික කණ්ඩායමට ඇතුළත් වීමේ සිහිනයක් තිබුණා"


මට නැෂනල් සුපර් ලීග් තරගාවලියට

ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබුණු අතර එය ජාතික කණ්ඩායමට ඇතුළු වීමට මග පෑදුවා. අවසන් ඔස්ට්‍රේලියානු එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමට මා වාසනාවන්ත වුණා. ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියට පෙර SLC ආරාධිත T-20 ලීග් ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණි. පන්දුව අතට ගත්තාම මම උත්සහ කරන්නේ Line & Length හි පන්දු යවා කඩුලු ලබා ගැනීමටයි."


“මම ආසියා කුසලාන සංචිතයට ඇතුළත් වන විට විදේශ සංචාරයක නිරත වීමට තිබුණු මගේ සිහිනය සැබෑ වුණා. ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබීම ගැන මම ඉතා සතුටු වෙනවා. නමුත් සුදු පන්දු ක්‍රීඩකයෙක් ලෙස ලේබල් වෙන්න මම කැමති නැහැ. හැකි ඉක්මනින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවශ්‍යයි. නමුත් එය තේරීම් කමිටුවට භාරයි.


විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතයේ ස්ථානය මට හිමිවෙයිද කියලා දන්නෙ නෑ. නමුත් මගේ කාර්‍යභාරය වන්නේ වැඩි කාලයක් ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරමින් තරග ආකෘති තුනේම කණ්ඩායමේ ස්ථානය තහවුරු කොට ගැනීමයි. යනුවෙන් ප්‍රමෝද් මධුෂාන් සදහන් කොට ඇත.


Source : Daily news

1,099 views0 comments