• Chathura Ramanayake

හේල්ස් ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් 4 අතරට පැමිණෙන රටවල් නම්කරයි.


පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් මස 16වනදා ආරම්භ වීමට නියමිතය. මෙවර ලෝක කුසලාන තරගාවලිය ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙයි.


තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනීවි යැයි අනුමාන කරන කණ්ඩායම් 4 පිළිබඳව එංගලන්ත ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් අදහසක් පළකොට ඇත.



ඒ අනුව ඇලෙක්ස් හේල්ස් විසින් අවසන් පූර්ව වටයට තමා නියෝජනය කරන එංගලන්ත කණ්ඩායම සුදුසුකම් ලබාගනු ඇතැයි අනුමාන කොට ඇත.


එංගලන්තයට අමතරව රෝහිත් ෂර්මා ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම, බාබර් අසාම් ප්‍රමුඛ පාකිස්තාන කණ්ඩායම හා ආරොන් ෆින්ච් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් හතරට සුදුසුකම් ලබනු ඇතැයි හේල්ස් අපේක්ෂා කරයි.


වසර තුන හමාරකට පසුව එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළ ඇලෙක්ස් හේල්ස් පාකිස්තානයට එරෙහි පළමු විස්සයි විස්ස තරගයේදී අර්ධ ශතකයක් රැස්කිරීමට සමත් විය. එහිදී ඔහු පන්දු 40ක් තුළදී ලකුණු 53ක් රැස්කිරීමට සමත් විය.


200 views0 comments