• Chathura Ramanayake

අලු, නිල්, කොළ, රතු කණ්ඩායම් අදත් තරග බිමේ !!!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ දෙවන දිනයේ තරග අද දිනයේදී පැවැත්වීමට නියමිතය. අද දිනයට අදාල පළමු තරගය වෙනුවෙන් තරග වදිනුයේ කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු SLC Reds කණ්ඩායම සමගින් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු SLC Greens කණ්ඩායමයි. මෙම තරගය අද පස්වරු 3ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.


අද දිනයට අදාල දෙවන තරගය වෙනුවෙන් චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු SLC Blues කණ්ඩායම හා අශාන් ප්‍රියංජන්ගේ නායකත්වයෙන් යුතු SLC Greys කණ්ඩායම තරග වැදීමට නියමිතය. මෙම තරගය අද රාත්‍රී 7.30ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවත්වෙනු ඇත.


තරගාවලියේ සෑම කණ්ඩායමක්ම එක් තරගය බැගින් මේ වන විට ක්‍රීඩා කොට ඇති අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගැනීමට චරිත් අසලංක ප්‍රමුඛ SLC Blues කණ්ඩායම සමත් වී ඇත. ප්‍රසාද ලකුණු සටහනේ දෙවන තැන කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ SLC Reds කණ්ඩායමට හිමිවී ඇත.


පළමු දිනයේදී පැවති තරගයේදී ලකුණු 54ක් රැස්කළ ලසිත් ක්‍රෝස්පුල්ලේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇත. SLC Reds කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු පළමු තරගයේදී කඩුලු 4ක් දවාගැනීමට සමත් වද්දී තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙසින් ඔහු රැදී සිටියි.

126 views0 comments