• Shaminda Jayarathne

අයර්ලන්ත ප්‍රබලයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි !!

අයර්ලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කෙවින් ඕබ්‍රයන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කොට ඇත. 2006 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පා තැබූ කෙවින් ඕබ්‍රයන් සිය වසර 16ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට නැවතීමේ තිත තබන්නට තීරණය කොට ඇත.


එංගලන්තයට එරෙහිව 2011 ලෝක කුසලාන තරගාවලියේදී රැස්කළ ජයග්‍රාහී ශතකය කෙවින් ඕබ්‍රයන් පිළිබඳව ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැදෙන සුවිශේෂී අවස්ථාවක් ය. පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තේරීම් කමිටුව විසින් වෙනත් ක්‍රීඩකයන් පිළිබඳව අවදානය යොමු කිරීම හේතුවෙන් කෙවින් ඕබ්‍රයන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කළ බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කොට ඇත.


" මගේ රට වෙනුවෙන් වසර 16කට සහ තරග 389කට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම අද මම ප්‍රකාශ කරනවා. ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන T20 ලෝක කුසලානයෙන් මගේ වෘත්තීය ජීවිතය අවසන් කිරීමට මම බලාපොරොත්තු වූ නමුත් පසුගිය වසරේ ලෝක කුසලානයෙන් පසු අයර්ලන්ත සංචිතයට තෝරා නොගැනීම නිසා තේරීම් කමිටු සහ කළමනාකාරීත්වය වෙනත් විකක්ප දෙස බලා සිටින බව මට හැඟේ."

"මම අයර්ලන්තය වෙනුවෙන් ක්‍රීඩා කල සෑම මිනිත්තුවක්ම රස වින්දා, ක්‍රිකට් පිටියේ බොහෝ මිතුරන් ඇති කර ගත්තා, ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ කාලයේ සිට මතක තබා ගැනීමට මට ප්‍රීතිමත් මතකයන් රාශියක් ඇත."

ඉදිරියේදී සිදුකිරීමට සූදානමින් පසුවන කටයුතු සම්බන්ධයෙන් ද කෙවින් ඕබ්‍රයන් සිය ට්විටර් පණිවිඩයෙහි මෙලෙසින් සදහන් කොට ඇත.


මට අයර්ලන්තයේ මගේම පුහුණු ඇකඩමිය දිගටම වර්ධනය කිරීමට අවශ්‍ය වන අතර නුදුරු අනාගතයේ දී මට ආකර්ෂණීය අවස්ථා කිහිපයක් තියෙනවා. මට විදේශයන්හි පුහුණු කිරීමේ අත්දැකීම් දිගටම ලබා ගැනීමට අවශ්‍ය වනවා. ඒවගේම නුදුරු අනාගතයේ දී ජාත්‍යන්තර සහ වෘත්තීය අංශ සමඟ තවත් අවස්ථා ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා

43 views0 comments