• Chathura Ramanayake

අමිල අපෝන්සු ක්‍රීඩා කරන කණ්ඩායම Atlantic Conference කාණ්ඩයේ ශූරතාවය දිනයි



ඇමරිකානු Minor League විස්සයි විස්ස තරගාවලියේ Atlantic Conference කාණ්ඩයේ ශූරතාවය හිමිකරගැනීමට අමිල අපෝන්සු ක්‍රීඩා කරන Atlanta Fire කණ්ඩායම සමත් විය. New Jersy Stallions කණ්ඩායම සමගින් පැවති Atlantic Conference අවසන් මහා තරගයෙන් ලකුණු 96ක විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරගැනීමට Atlanta Fire කණ්ඩායමට හැකිවිය.


තරගයේ කාසියේ වාසිය හිමිකරගත් New Jersy Stallions කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කලහ. ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන Atlanta Fire කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු හයක් දැවී ලකුණු 210ක් රැස්කිරීමට සමත් විය. එහිදී ආරොන් ජෝන්ස් පන්දු 46කදී හතරේ පහර 2ක් හා හයේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු ලකුණු 76ක් රැස්කළ අතර ජමාර් හැමිල්‍ටන් පන්දු 29කදී ලකුණු 54ක් රැස්කිරීමට සමත් විය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන New Jersy Stallions කණ්ඩායමට පන්දුවාර 17 එක් පන්දුවක් අවසානයේදී සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 114ක් පමණි. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සයිටේජා මුක්කමල්ලා ලකුණු 34ක් රැස්කළ අතර එව්රෝයි ඩයර් ලකුණු 13කට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය. මෙම තරගයේදී ශ්‍රි ලංකා ක්‍රීඩක අමිල අපෝන්සු ලකුණු 21කදී එක් කඩුල්ලක් බිදහෙලීය.


ඒ අනුව Atlantic Conference කාණ්ඩයේ ශූරතාවය හිමිකරගැනීමට Atlanta Fire කණ්ඩායමට හැකි විය. මේ අතර ශෙහාන් ජයසූරිය ක්‍රීඩා කරන Silicon Valley Strikers කණ්ඩායම පරාජයට පත් කරමින් Pacific Conference කාණ්ඩයේ ශූරතාවය හිමිකරගැනීමට Seattle Thunderbolt කණ්ඩායම සමත් විය. ඒ අනුව Seattle Thunderbolt කණ්ඩායම හා Atlanta Fire කණ්ඩායම Minor League ශූරතාවය වෙනුවෙන් තරග වැදීමට නියමිතය.

994 views0 comments