• Chathura Ramanayake

අමුතු නීති මාලාවක් සමගින් ක්‍රිකට් පිටියට එන නවතම කොදෙව් ලීගය ඇරඹේ !!



බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් විසින් හදුන්වා දෙන නවතම තරගාවලිය වන 6IXTY තරගාවලියේ පිරිමි තරග අදියර එළඹෙන අගෝස්තු 25වනදා ආරම්භ වීමට නියමිත. මෙම තරගාවලියට තරග 12ක් ඇතුළත් අතර කණ්ඩායම් හයක් තරගාවලියට ක්‍රීඩා කරයි. කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් මෙම තරගාවලියටද ක්‍රීඩා කරයි.


මෙහි කාන්තා තරග ඉසව්ව වෙනුවෙන් කණ්ඩායමේ ත්‍රිත්වයක් ක්‍රීඩා කරයි. එම තරගාවලිය අද(24) දිනයේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලියේ Guyana Amazon Warriors කණ්ඩායමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ක්‍රීඩා කරයි. කාන්තා තරගාවලිය කණ්ඩායම් තුනකින් සමන්විතය


මෙම තරගාවලියේ කුසලානය The Universe Boss Trophy ලෙසින් නම් කොට ඇති අතර තරගාවලියේ තානාපති ලෙසින් ක්‍රිස් ගේල් කටයුතු කරයි. මෙම නව තරගාවලිය පහත නීති යටතේ පැවැත්වෙයි. මෙම නීති මාලාව කාන්තා හා පිරිමි තරගාවලි ද්විත්වයටම පොදුය.


  • සෑම කණ්ඩායමකටම කඩුලු 6ක් ඇත. කඩුලු 6 දැවීගිය පසු ඉනීම නිමා වේ.

  • සෑම කණ්ඩායමටම පළමු පන්දුවාර දෙකේ පවර්ප්ලේ අවස්ථාව හිමි වේ. එම පන්දු 12 තුළදී හයේ පහර 2ක් එල්ල කළ විට තෙවන පවර්ප්ලේ අවස්ථාව හිමි වේ. එය 3-9 පන්දුවාර වලදි ලබාගත හැක.

  • එක් අනතයකින් මුල් පන්දු 30 යොමුකළ යුතු අතර අවසන් පන්දු 30අනෙක් අන්තයේ සිට යොමුකළ හැක.

  • එම පන්දු 30 පන්දුවාර 5ක් ආකාරයට ක්‍රියාත්මක කළ යුතුය. එක් පන්දු යවන්නෙකුට උපරිම පන්දුවාර 2ක් යැවිය හැකිය.

  • නියමිත කාලය තුළ පන්දුවාර යොමු නොකළහොත් අවසන් පන්දු 6දී එක් ක්‍රීඩකයෙකු පන්දු රැකීමෙන් ඉවත් කරයි.

  • Mystery Fan Ball නමින් හැඳින්වෙන විශේෂාංගයක් ඇතුළත්ය. එහිදී ප්‍රේක්ෂකයන් විසින් මනාප පළකරන අතර එවිට එම පිතිකරුවා දවාගැනීමට පන්දු යවන්නාට නොහැකිය.

Mystery Fan Ball විශේෂාංගය පිළිබඳ වැඩිදුර විස්තරය.

නිවේදනයක් ලබාදුන් පසු ප්‍රේක්ෂකයන්ට මෙම Mystery Fan Ball විශේෂාංගයට මනාප පළකළ හැකිය. CPL හෝ SKYEXCH 6IXTY ඇප් භාවිතා කරමින් ප්‍රේක්ෂකයන්ට අහඹු පන්දුවක් තේරීමට අවස්ථාව හිමි වෙයි. විනිසුරු තීරණය ලබාදෙන තෙක් මෙම ප්‍රතිඵල රහසිගතව තබා ගනී. කණ්ඩායමක් මෙම පන්දුවේදී රැස්කරන ලකුණු ගණන අතිරේක ලකුණු ලෙසින් එක් කරන අතරම එය පිතිකරු හෝ පන්දු යවන්නාගේ ලකුණු වලට එක් නොකෙරේ. එම පනුවේදී පිතිකරුවා නීත්‍යානුකූල ක්‍රම අනුව දැවී යාමක් සිදු නොවන නොවන අතර එය නිපන්දුවකදී ලබාදෙන ෆ්‍රීහිට් අවස්ථාවක් වැනිය.

2,250 views0 comments