• Chathura Ramanayake

අපේ Ultimate Goal එක වෙන්න ඕනේ ලංකාව තරඟ දිනන එක. - ලසිත් ඇඹුල්දෙණිය



කලක සිට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රමුඛතම දඟ පන්දු යවන්නා වුණු ලසිත් ඇඹුල්දෙනිය පසුගිය බංගලාදේශ තරඟ සංචාරයේ සහ ඕස්ට්‍රේලියානු තරඟ සංචාරයේ කඩුලු අතරට නොපැමිණි නිසා පාකිස්ථාන සංචාරයකට ක්‍රීඩා කිරීමට ඔහු සහභාගී වුණේ නැහැ.

පසුගියදා මාධ්‍ය නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වුණු ලසිත් ගෙවුණු කාලසමය තුළ සිදුවුණු මේ සිදුවීම් පිළිබඳව සහ ඔහුගේ ඉදිරි සැලසුම් පිළිබඳ මෙලෙස අදහස් පළකළා.


" බංගලාදේශ තරඟ සංචාරයේ සහ ඕස්ට්‍රේලියානු තරඟාවලියේ පළමු තරඟයේ මට කඩුලු අතරට එන්න බැරිවුණා. මම හිතනවා මම පන්දු යවන විදිහේ පොඩි පොඩි වෙනස්කම් වගයක් වෙලා තියෙනවා. ඒ වගේම ඕනේම ක්‍රීඩකයෙක්ට මේ වගේ තමන්ගේ රිද්මය ගිලිහී යන කාලයක් එනවා."
" මේ වෙද්දි මම නැවත පුහුණුවීම් ආරම්භ කරලා තියෙනවා. ජාතික කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු පියල් සර්ගෙ අනුදැනුම සහිතව සජීව වීරකෝන් සර්ගෙ සහ අනෙකුත් පුහුණුකරුවන්ගේ මඟපෙන්වීම යටතේ මේ වෙද්දි පුහුණුවීම් කරගෙන යනවා."
" ඒ වගේම රංගන හේරත් අයියා එක්කත් මම නිතර කතා කරලා අවශ්‍ය කරන උපදෙස් ලබාගන්නවා. බංගලාදේශ තරඟාවලියේ දිත් රංගන අයියා මට මුණගැහුණා. හැදෙන්න ඕනේ දේවල් කීපයක්ම ඔහු මට කිව්වා."

යනුවෙන් ලසිත් ගෙවුණු කාලසමය පිළිබඳව සහ මේ වන විට තමන්ගේ පුහුණුවීම් කටයුතු සිදුවන ආකාරය පිළිබඳව අදහස් පළකරනු ලැබුවා. එමෙන්ම ඕස්ට්‍රේලියානු තරඟාවලියේ සහ පාකිස්තාන තරඟාවලියේ කඩුලු අතරට පැමිණි ප්‍රභාත් ජයසූරිය පිළිබඳවද ඔහු අදහස් පලකර සිටියා.


" ප්‍රභාත් අයියා ඇත්තටම ඉතාමත් හොඳින් පන්දු යැව්වා. මම හිතන්නේ එයාට මංගල තරඟයේ වැඩිම කඩුලු වාර්ථාවකටත් යන්න පුළුවන් වුණා. එයා අද්දැකීම් බහුල පන්දු යවන්නෙක්. මමත් ප්‍රභාත් අයියගෙන් උපදෙස් අරගෙන තියෙනවා. මම එයාට සුභ පතනවා. ඒ වගේම එයාට දිගු ගමනක් යන්න පුළුවන් ක්‍රීඩකයෙක්."

මේ වන විට ශ්‍රී ලංකාව සතු ප්‍රභල දඟ පන්දු බළඇණිය සහ ඒ හරහා කණ්ඩායමට පැමිණීමට නිර්මාණය වී ඇති තරඟය පිළිබඳවද ලසිත් සිය අදහස් පළකළා.


" කණ්ඩායමට එන්න තරඟයක් තියෙනවා කියන එකෙන් ඇත්තටම අපේ පෞද්ගලික දක්ෂතා වැඩි දියුණු වෙනවා වගේම කණ්ඩායමේ දක්ෂතාත් වැඩි දියුණු වෙනවා. අපි හැමෝගෙම Ultimate Goal එක ලංකාව දිනනවා කියන එක. ඒකට මේ වගේ තරඟයක් තියෙන එක හොඳයි."
මම නැවත කණ්ඩායමට එන්න නන් මම හිටියට වඩා සෑහෙන්න ඉහළ මට්ටමේ දක්ෂතා අතරට එන්න ඕනේ. පුහුණුවීම් හොදින් කරලා දේශීය තරඟාවලි වල දක්ෂතා අතරට ඇවිත් ඉක්මනින් නැවත කණ්ඩායමට එන්න බලාපොරොත්තු වෙනවා.

යනුවෙන් ලසිත් සිය අදහස් දැක්වීම සිදුකලා.

ලසිත් මේ වන විට ටෙස්ට් තරඟ 17කට ක්‍රීඩා කර ඇති අතර කඩුලු 71ක් ඔහු දවාගැනීමට සමත්ව තිබෙන්නේ තරඟයක කඩුලු 10ක් ලබා ගැනීමේ අවස්ථාවක් සහ ඉණීමක කඩුලු 5 බැගින් දවාගැනීමේ අවස්ථා 5ක් ද සමඟින්.


ඔහුට නැවතත් සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණ නැවත වරක් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට හැකියාව ලැබේවි යැයි ක්‍රීඩාලෝලීන් බොහෝ දෙනෙක් අපේක්ෂාවෙන් පසුවන අතර Creeda Network අපිද ඔහුට ඒ වෙනුවෙන් සුභ පැතුම් එක් කරනු ලබනවා.

0 views0 comments