• Chathura Ramanayake

අපි දුර්වල නෑ කියලා පෙන්වන්න අපිට අවශ්‍ය වුණා - භානුක රාජපක්ෂ


ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ පළමු තරගයෙන්ම විවිශිෂ්ඨ ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම තරගයේ දී ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ පන්දු 14ක් තුළ වේගවත් ලකුණු 31ක් රැස්කරමින් ජයග්‍රහණය වෙනුවෙන් දායක විය. භානුක පන්දුවට පහර දීමට පිටියට පැමිණෙන විට කඩුල්ල පිතිකරණයට හොද මට්ටමේ තිබූ බවත් එම නිසා ඔහුට පහරවල් කරා යාමට අවස්ථාව තිබූ බවත් සදහන් කොට ඇත.


" මම පන්දුවට පහරදීමට යන විට කඩුල්ල හොද බවක් පෙනෙන්න තිබුණා. අපි මුලින් හිතුවේ 175ක් කියන්නෙ ඉතා හොද ලකුණු ගණනක් බවයි. සමස්ථයක් ලෙසින් ගත්තාම අපේ ක්‍රීඩකයන් හොදින් ක්‍රීඩා කළා. ඇත්තෙන්ම මෙය අපට විශිෂ්ඨ ජයග්‍රහණයක්"


පන්ජාබ් කිංග්ස් වෙනුවෙන් පසුගිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියයේදී පන්දුවට පහර දුන් අංක 3 ස්ථානයේ ඔහුව යොදා ගැනීම ශ්‍රී ලංකාවේ මූලික සැලැස්ම වූ නමුත් පසුව කණ්ඩායම් කළමනාකාරිත්වය ඔහුව මැද පෙළ ශක්තිමත් කිරීමට පිතිකරණ ඒකකයේ පහළට යොමු කළ බව භානුක රාජපක්ෂ සදහන් කොට ඇත.


“අයිපීඑල් තරඟාවලියේදී මම අංක 3 ස්ථානයේ පන්දුවට පහර දී ඇති අතර නැවත ශ්‍රී ලංකා සංචිතයට පැමිණීමේදී ඔවුන්ට අවශ්‍ය වූයේ මා අංක 3 පිතිකරු ලෙසින් ක්‍රීඩා කරවීමටයි. නමුත් මැද පෙළ ශක්තිමත් කිරීම සඳහා ඔවුන් මාව යෙදෙව්වා අංක 5 හෝ අංක 6 ස්ථාන වල පන්දුවට පහර දීමට"


" මෙම ජයග්‍රහණය අපිට පීඩනයෙන් මිදීමට හේතුවක් වෙනවා. මොකද පසුගිය තරගයේදී ඔවුන් අපිව 105කට දවාගන්න සමත් වුණා, ඒ නිසා අපිට අවශ්‍ය වුණේ අපි දුර්වල නැහැ කියලා මුළු ලෝකෙටම පෙන්වන්නයි."

1,295 views0 comments