• Chathura Ramanayake

අපි දන්නවා අපිට මොනවද කරන්න පුලුවන් කියලා - දසුන් ශානක



ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතරේ තරග වටයේ තවත් තරගයක් ඊයේ දිනයේදී පැවත්වුණේ ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතරයි. එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට සමත් විය. ප්‍රභල ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලද මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක දසුන් ශානක අදහස් දක්වා ඇත.


'" විවේකාගාරය තුළ ඇති විශ්වාසය විශිෂ්ටයි. අපේ පන්දු යවන්නන් හොදින් පන්දු යැව්වා . ඩිල්ෂාන්ට සහ තීක්ෂණට ගෞරවයය හිමි වෙන්න ඕනි. ඔවුන් ඉතා හොඳින් පන්දු යැව්වා. ඔවුන්ට එරෙහිව පිතිකරුවන් ක්‍රීඩා කිරීමට උත්සහ කළ නමුත් අපි හොඳින් ක්‍රීඩා කළා"

ආසියානු කුසලාන තරගාවලිය පිළිබඳව බලාපොරොත්තු සුන් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති පළමු තරගය පරාජයට පත් වූ නමුත් එතැන් පටන් බංග්ලාදේශය, ඇෆ්ගනිස්තාන හා ඉන්දියාව පරාජයට පත් කළේ විශිෂ්ඨ හඹායාම් තුනක් සිදුකරමිනි

" පළමු තරගයෙන් පසුව අපි හොඳ සාකච්ඡා කළා. අපට කරන්න පුලුවන් මොනවද කියලා අපි දන්නවා. පැතුම් සහ කුසල් විශිෂ්ට අන්දමින් ජයග්‍රහණයට අඩිතාලම සකස් කළා. භානුක රාජපක්ෂ සහ මම හඹා යාම සිදුකරන්න අවශ්‍ය දේවල් කරා."

ඊයේ දිනයේදී ඉන්දියාවට එරෙහි තරගයේදී ඉන්දීය මැදපෙළ ප්‍රභල පිතිකරුවන් වූ සූර්‍යකුමාර් යාදව් හා හර්දික් පාන්ඩ්‍යා දවාගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත්කම් දැක්වීය.කණ්ඩායමේ නායකයා ලෙසින් කණ්ඩායමට අවශ්‍ය හොදම තීරණය ගැනීම තමා සිදුකල යුතු බවට දසුන් ශානක ප්‍රකාශ කොට ඇත.


1,472 views0 comments