• Chathura Ramanayake

අපිට ලෝකයට වගේම අපේ රටට ඔප්පු කරලා පෙන්නන්න ඕනේ දෙයක් තිබ්බා. - භානුක

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් පිටුවෙහි ශ්‍රී ලංකා ක්‍රීඩක භානුක රාජපක්ෂ සිදු කළ ප්‍රකාශයක් පිළිබඳව ලිපියක් පළකොට ඇත. එම ලිපියෙහි සටහන් කොට ඇත්තේ ශ්‍රී ලංකා පිතිකරුවන් එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ දී විශාල දේවල් කරනු ඇතැයි භානුක අපේක්ෂා කරන බවයි.


ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල තත්වයෙන් මිදී ඇති බවත් මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට හැකි බව ඔප්පු කොට ඇති බවත් භානුක රාජපක්ෂ විශ්වාසය පල කරයි.


පසුගිය දා ඉන්දීය කණ්ඩායම සමගින් පැවති ආසියානු කුසලාන තරගයේදී භානුක රාජපක්ෂ හා දසුන් ශානක නොබිදුනු ලකුණු 64ක සබදතාවක් ගොඩනගමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් විය.


ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන ඉරිදා පාකිස්තාන කණ්ඩායම සමගින් ආසියානු කුසලාන අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට නියමිතය. මෙවර ආසියානු කුසලානය ජයග්‍රහණය, දිනෙන් දින දියුණුවට පත්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ විශාල දෙය්ක ආරම්භය වනු ඇති බවයි.


වමත් පිතිකරු භානුක රාජපක්ෂ පවසා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම තුළ විශ්වාසය ගොඩනැගෙමින් පවතින අතර දෙවන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීම ඔවුන්ගේ ග්‍රහණයට නතුවී ඇති බවත්ය.


" අපි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එනවිටත් දුර්වල කණ්ඩායමක් කියලයි කිව්වෙ. අපිට පීඩනයක් තිබ්බා. ඒ නිසා අපට අවශ්‍ය වුණේ අපි හොඳ කණ්ඩායමක් කියලා ලෝකයට වගේම අපේ රටට ඔප්පු කරන්න විතරයි. මොකද අර්බුදයන්ට මුහුණ දී සිටින මිනිස්සුන්ගෙ මූණට හිනාවක් ගේන්න පුලුවන් එකම දේ මේක".

48 views0 comments