• Chathura Ramanayake

අන්තර් සමාජ තුන් දින තරගාවලියේ තවත් තරග 12ක් අද ඇරඹෙයි.



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ තුන් දින තරගාවලියේ තවත් තරග 12ක් අද දිනයේදී ආරම්භ වීමට නියමිතය. ක්‍රීඩා සමාජ 26ක් කාණ්ඩ 2ක් ඔස්සේ තරග වදින මෙම තරගාවලියේ මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තරග 12 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතය.


තරගාවලියේ පළමු තරග 12 පසුගිය සතියේදී පැවැත්විණි. එම තරග වලින් ජයග්‍රහණ වාර්තා කිරීමට කෝල්ට්ස්, ගුවන් හමුදා, යුධ හමුදා, මුවර්ස් හා බදුරලිය ක්‍රීඩා සමාජ කණ්ඩායම් වලට හැකිවිය. පසුගිය සතියේ පැවති තරග වලදී රාගම ක්‍රීඩා සමාජයේ නිෂාන් මදුෂ්ක ඉනීම් දෙකෙහිදීම ශතක රැස්කරමින් ලකුණු 250ක් රැස්කිරීමට සමත් වී ඇත.


තරගාවලියේ වාර්තා වූ පළමු ද්විත්ව ශතකයේ හිමිකරුවා බවට පත් වූ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ අවිශ්ක තරිඳු වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැන්නා බවට පත්ව ඇත්තේ ලකුණු 236ක් රැස්කරමිනි. යුධ හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායමේ කෞමාල් නානායක්කාර පසුගිය තරගයේ ඉනීම දෙකෙහිදීම කඩුලු 13ක් බිදහෙලන්නට සමත් වූයේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වෙමිනි. වැඩිම කඩුලු ලාභීන් අතර දෙවන ස්ථානය ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ගයාන් සිරිසෝමට හිමිවී ඇති අතර ඔහු කඩුලු 12ක් දවාගෙන ඇත.


අද දිනයේදී ආරම්භ වීමට නියමිත තරග

  1. ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය හා මීගමුව ක්‍රීඩා සමාජය අතර

  2. යුධ හමුදා ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර

  3. බදුරලිය ක්‍රීඩා සමාජය හා ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය අතර

  4. බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය හා සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර

  5. බී ආර් සී ක්‍රීඩා සමාජය හා කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය අතර

  6. කොළඹ ක්‍රීඩා සමාජය හා කලුතර නාගරික ක්‍රීඩා සමාජය අතර

  7. කෝල්ට්ස් ක්‍රීඩා සමාජය හා ගාල්ල ක්‍රීඩා සමාජය අතර

  8. ලන්ක්න් ක්‍රීඩා සමාජය හා එස් එස් සී ක්‍රීඩා සමාජය අතර

  9. එන් සී සී ක්‍රීඩා සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර

  10. නුගේගොඩ ක්‍රීඩා සමාජය හා හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය අතර

  11. පොලිස් ක්‍රීඩා සමාජය හා මුවර්ස් ක්‍රීඩා සමාජය අතර

  12. රාගම ක්‍රීඩා සමාජය හා සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර

තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභීන්

  1. නිෂාන් මදුෂ්ක - 250

  2. අවිශ්ක පෙරේරා - 236

  3. සදීර සමරවික්‍රම - 174

  4. දිනේෂ් චන්දිමාල් - 162

  5. ලසිත් ක්‍රෝස්පුල්ලේ - 160


තරගාවලියේ මෙතෙක් වැඩිම කඩුලු ලාභීන්

  1. කෞමාල් නානායක්කාර - 13

  2. ගයාන් සිරිසෝම - 12

  3. තිමිර ඉරුෂික - 8

  4. අකිල ධනංජය - 7

  5. චලන ද සිල්වා - 7


61 views0 comments