• Chathura Ramanayake

අන්තර් සමාජ ක්‍රිකට් පිටිය යළි සක්‍රීය වෙයි !!!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ තුන් දින තරගාවලිය අගෝස්තු මස 19වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා සමාජ 26ක් තරග වදින අතර තරගාවලිය A හා B කාණ්ඩ දෙකක් ඔස්සේ පැවැත්වදැමිනි.මාස තුනක කාලයක් පුරාවට පැවැත්වෙන තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් මස 16 සිට 19 තෙක් සිව්දින තරගයක් ලෙසින් පැවැත්වෙයි.


තරගාවලියේ මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තරග 12 බැගින් ක්‍රීඩා කරන අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණෙහි පසුවන කණ්ඩායම් දෙක එම කාණ්ඩයේ අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇත. අවසන් වරට පැවති තරගාවලියේදී Tier A කොටසේ ශූරතාවය හිමිකරගැනීමට සමත් වූයේ කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු CCC කණ්ඩායමයි. Tier B අවසන් මහා තරගය කොවිඩ් අවදානම හමුවේ අතහැර දැමිණි.


Tier A කණ්ඩායම්

කොළඹ ක්‍රීඩා සමාජය, පොලිස් ක්‍රීඩා සමාජය, රාගම ක්‍රීඩා සමාජය, කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය, කෝල්ට්ස් ක්‍රීඩා සමාජය, ගාල්ල ක්‍රීඩා සමාජය, බී.ආර්.සී ක්‍රීඩා සමාජය, සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය, මුවර්ස් ක්‍රීඩා සමාජය, කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය, එස්.එස්.සී. ක්‍රීඩා සමාජය, කලුතර නාගරික ක්‍රීඩා සමාජය, ලන්කන් ක්‍රීඩා සමාජය


Tier B කණ්ඩායම්

එන්.සී.සී. ක්‍රීඩා සමාජය, ඒස් කැප්ටල්ස් ක්‍රීඩා සමාජය, හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය, බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය, යුද හමුදා ක්‍රීඩා සමාජය, පානදුර ක්‍රීඩා සමාජය, සැරසන්ස් ක්‍රීඩා සමාජය, නුගේගොඩ ක්‍රීඩා සමාජය, මීගමුව ක්‍රීඩා සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජය, ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, බදුරලිය ක්‍රීඩා සමාජය


පළමු සතියේ තරග කාලසටහන (අගෝස්තු 19/20/21)

  1. යුද හමුදා හා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජ අතර(පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී)

  2. බී.ආර්.සී. හා පොලිස් ක්‍රීඩා සමාජ අතර(බී.ආර්. සී. ක්‍රීඩාංගණයේදී)

  3. ගුවන් හමුදා හද් නාවික හමුදා ක්‍රීඩා සමාජ අතර (ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී)

  4. ගාල්ල හා රාගම ක්‍රීඩා සමාජ අතර(ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී)

  5. ටැමිල් යුනියන් හා එන්.සී.සී. ක්‍රීඩා සමාජ අතර (පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී)

  6. ඒස් කැපිටල් හා සැරසන්ස් ක්‍රීඩා සමාජ අතර (බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී )

  7. කලුතර නාගරික හා කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජ අතර(රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී)

  8. මුවර්ස් හා ලන්කන් ක්‍රීඩා සමාජය අතර(මුවර්ස් ක්‍රීඩාංගණයේදී)

  9. පානදුර හා හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජ අතර තරගය (පානදුර ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී)

  10. කොළඹ හා එස්.එස්.සී. ක්‍රීඩා සමාජ අතර(එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී)

  11. කෝල්ට්ස් හා කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජ අතර(කෝලට්ස් ක්‍රීඩාංගණයේදී)

  12. මීගමුව හා බදුරලිය ක්‍රීඩා සමාජය අතර (හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී /කටුනායක)

Image Source : Srilanka Cricket


85 views0 comments