• Chathura Ramanayake

අන්තර් සමාජ එක්දින තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙසින් කසුන් විදුර සම්මාන ලබයි !!!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ එක්දින තරගාවලිය ඊයේ දිනයේදී නිමාවට පත් වූයේ පිට පිට,දෙවන වරටද ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය ශූරයන් ලෙසින් කිරුලු දරමිනි. මෙවරද අන්තර් සමාජ එක්දින තරගාවලිය කාණ්ඩ 2ක් යටතේ පැවැත්විණි. තරගාවලියේ මූලික වටය තුළදී සෑම කණ්ඩායමක්ම තරග 12 බැගින් ක්‍රීඩා කලහ. අවසන් වටයේදී තරග 3ක් පැවති නමුත් එම කණ්ඩායම් හතරෙහි ක්‍රීඩකයන් කිසිවෙකුට වැඩිම ලකුණු ලාභීන් අතරට පිවිසීමට නොහැකි විය. ඒ අනුව මූලික වටය අවසානයේදී වැඩිම ලකුණු රැස්කොට සිටි පිතිකරුවන්ගේ ස්ථානය එලෙසින්ම සුරක්ෂිත විය. තරගාවලියේ දක්ෂතම පිතිකරුවාට හිමි සම්මානය දිනා ගනු ලැබූයේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ හලාවත මේරියන්ස් ක්‍රීඩක කසුන් විදුරයි.



තරගාවලිය අවසානයේදී වැඩිම ලකුණු ලාභියා බවට පත් වූයේ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයේ කසුන් විදුරයි. ඔහු තරග 12කට ක්‍රීඩා කරමින් ලකුණු 631ක් රැස්කළේ ශතක 2ක් හා අර්ධ ශතක 4ක් සමගිනි. කසුන් විදුර ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති තරගයේදී ලකුණු 140ක් රැස්කිරීමට සමත් වූ අතර තරගාවලිය තුළදී ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 63.10ක් ලෙසින් සටහන් විය.



වැඩිම ලකුණු ලාභී ලයිස්තුවේ දෙවන ස්ථානය හිමිවූයේ රාගම ක්‍රීඩා සමාජ කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිෂාන් මදුෂ්කටයි. ඔහු තරග 11කට ක්‍රීඩා කරමින් ලකුණු 557ක් රැස්කළේ 50.63ක පිතිකරණ සාමාන්‍යයක් සමගිනි. නුගේගොඩ ක්‍රීඩා සමාජයට,එරෙහිව නිෂාන් මදුෂ්ක පන්දු 133කදී හතරේ පහර 18ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 165ක් රැස්කිරීමට සමත් විය. මෙය තරගාවලියේ ඉනීමක් තුළ වාර්තා වූ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව බවටද පත් විය.



SSC ක්‍රීඩා සමාජය නියෝජනය කරන නිපුන් ධනංජය මෙවර තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභීන් අතර තෙවැන්නා ලෙසින් රැදී සිටියි. ඔහු තරග 11ක් තුළ ලකුණු 533ක් රැස්කළේ ශතක 2ක් හා අර්ධ ශතක 3ක් සමගිනි. නිපුන් ධනංජය මෙවර තරගාවලියේදී ලකුණු 66.62ක පිතිකරණ සාමාන්‍යයක් රදවා ගැනීමටද සමත්කම් දැක්වීය. රාගම ක්‍රීඩා සමාජයෙහි ජනිත් ලියනගේ වැඩිම ලකුණු ලාභීන් අතරෙහි සිව්වැන්නා බවට පත් වූයේ තරග 12ක් තුළදී ලකුණු 525ක් රැස්කරමිනි. ඔහු තරගාවලියේදි එක් ශතකයක් හා අර්ධ ශතක 3ක් රැස්කිරීමට සමත් වූ අතර ලකුණු 47.72ක පිතිකරණ සාමාන්‍යයක් රදවා ගැනීමටද සමත් විය.


තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතරෙහි පස්වන හා හයවන ස්ථාන පිළිවෙලින් තරග 12 තුළදී ලකුණු 515ක් හා 511ක් බැගින් රැස්කළ සහන් ආරචිචිගේ හා තිලකරත්න සම්පත් යන ක්‍රීඩකයන්ට හිමි වී ඇත. අවසන් වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් වල ක්‍රීඩකයන් අතරින් වැඩිම ලකුණු ලාභීන් දසදෙනා අතරට ඇතුළත්ව ඇත්තේ පිතිකරුවන් දෙදෙනෙකු පමණි. ඒ අතරින් යුධ හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන ලක්ෂාන් එදිරිසිංහ වැඩිම ලකුණු ලාභීන් අතර හත්වැන්නා බවට පත් වූයේ තරග 14ක් තුළ ලකුණු 483ක් රැස්කරමිනි.


අවසන් වටයට ක්‍රීඩා කළ ඒස් කැපිටල්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ලසිත් ක්‍රෝස්පුල්ලේ වැඩිම ලකුණු ලාභීන් අතරෙහි දසවැන්නා ලෙසින් රැදීසිටිනුයේ තරග 13ක් තුළදී ලකුණු 434ක් රැස්කරමිනි. වැඩිම ලකුණු ලාභීන් අතරෙහි අටවන හා නවවන ස්ථානයන් ද්විත්වයම ඉන්දීය පිතිකරුවන් දෙදෙනෙකු වන ගෞරව් ජතාර් හා ගීතාන්ෂ් ඛේරාට හිමිවී ඇත.

ක්‍රීඩකයා


ඉනීම්


​ලකුණු


සාමාන්‍ය


වැඩිම ලකුණ

කසුන් විදුර


12

631

63.10

140

​නිෂාන් මදුෂ්ක


11

557

50.63

165

නිපුන් ධනංජය


11

533

66.62

127*

ජනිත් ලියනගේ


12

525

47.72

102

​සහන් ආරචිචිගේ


12

515

46.81

128*

​තිලකරත්න සම්පත්


12

511

42.58

120

ලක්ෂාන් එදිරිසිංහ


14

483

40.25

78

ගෞරව් ජතාර්


12

478

47.80

122

ගීතාන්ෂ් ඛේරා


7

440

73.33

167

ලසිත් ක්‍රෝස්පුල්ලේ

13

434

36.16

100*


(Image Source : SLC Media)


1,440 views0 comments