• Chathura Ramanayake

අන්තර් සමාජ එක්දින තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභීන් !!!


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ එක්දින තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ දිනයේදී නිමාවට පත් විය. මෙවරද අන්තර් සමාජ එක්දින තරගාවලිය කාණ්ඩ 2ක් යටතේ පැවැත්විණි. තරගාවලියේ මූලික වටය තුළදී සෑම කණ්ඩායමක්ම තරග 12 බැගින් ක්‍රීඩා කලහ.


මෙම තරග 12 අවසානයේදී වැඩිම ලකුණු ලාභියා බවට පත් වූයේ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයේ කසුන් විදුරයි. ඔහු තරග 12කට ක්‍රීඩා කරමින් ලකුණු 631ක් රැස්කළේ ශතක 2ක් හා අර්ධ ශතක 4ක් සමගිනි. කසුන් විදුර ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති තරගයේදී ලකුණු 140ක් රැස්කිරීමට සමත් වූ අතර තරගාවලිය තුළදී ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 63.10ක් ලෙසින් සටහන් විය.


වැඩිම ලකුණු ලාභී ලයිස්තුවේ දෙවන ස්ථානය හිමිවූයේ රාගම ක්‍රීඩා සමාජ කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිෂාන් මදුෂ්කටයි. ඔහු තරග 11කට ක්‍රීඩා කරමින් ලකුණු 557ක් රැස්කළේ 50.63ක පිතිකරණ සාමාන්‍යයක් සමගිනි. නුගේගොඩ ක්‍රීඩා සමාජයට,එරෙහිව නිෂාන් මදුෂ්ක පන්දු 133කදී හතරේ පහර 18ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 165ක් රැස්කිරීමට සමත් විය. මෙය තරගාවලියේ ඉනීමක් තුළ වාර්තා වූ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව බවටද පත් විය.


SSC ක්‍රීඩා සමාජය නියෝජනය කරන නිපුන් ධනංජය මෙවර තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභීන් අතර තෙවැන්නා ලෙසින් රැදී සිටියි. ඔහු තරග 11ක් තුළ ලකුණු 533ක් රැස්කළේ ශතක 2ක් හා අර්ධ ශතක 3ක් සමගිනි. වැඩිම ලකුණු ලාභීන් අතර සෙසු ස්ථාන පිළිවෙලින් ජනිත් ලියනගේ, සහන් ආරචිචිගේ හා තිලකරත්න සම්පත් යන ක්‍රීඩකයන්ට හිමි වී ඇත.


ක්‍රීඩකයා

ඉනීම්

ලකුණු

​​සාමාන්‍ය


වැඩිම ලකුණ

කසුන් විදුර

12

631

63.10

140

නිෂාන් මදුෂ්ක

11

557

50.63

165

නිපුන් ධනංජය

11

533

66.62

127*

ජනිත් ලියනගේ

12

525

47.72

102

සහන් ආරචිචිගේ

12

515

46.81

128*

තිලකරත්න සම්පත්


12

511

42.58

120

​ගෞරව් ජතාර්


12

478

47.80

122

ලක්ෂාන් එදිරිසිංහ


12

454

45.40

78

ගීතාන්ෂ් ඛේරා


7

440

73.33

167

තානුක දාබරේ

12

432

36.0

89





2,495 views0 comments