• Chathura Ramanayake

අන්තර් සමාජ එක්දින තරගාවලියේ මෙතෙක් වැඩිම කඩුලු ලාභීන් !!!


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ එක්දින තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ දිනයේදී නිමාවට පත් විය. මෙවරද අන්තර් සමාජ එක්දින තරගාවලිය කාණ්ඩ 2ක් යටතේ පැවැත්විණි. තරගාවලියේ මූලික වටය තුළදී සෑම කණ්ඩායමක්ම තරග 12 බැගින් ක්‍රීඩා කලහ.


මෙම තරග 12 අවසානයේදී වැඩිම කඩුලු ලාභියා බවට BRC ක්‍රීඩා සමාජය නියෝජනය කරන වමත් දගපන්දු යවන ක්‍රීඩක දුවිදු තිලකරත්න පත් වූයේ කඩුලු 36ක් දවාගනිමිනි. දුවිදු තිලකරත්න සිය හොදම පන්දු යැවීම ලෙසින් රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 26කට කඩුලු 5ක් බිදහෙලීය. දුවිදු තිලකරත්නගේ පන්දු යැවීමේ සාමාන්‍ය 9.55ක් ලෙසින් සටහන් වද්දී පන්දුවාරයකට ප්‍රතිවාදීන්ට ලබා දී ඇත්තේ ලකුණු 3.35ක් පමණි.


වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැන්නා බවට පත් වන්නට අකිල ධනංජය සමත්වන්නේ තරගාවලිය තුළ කඩුලු 35ක් දවාගනිමිනි. අකිල ධනංජය මෙවර තරගාවලියෙහි අවස්ථාවන් තුනකදීම කඩුලු 5 බැගින් බිදහෙලන්නට සමත් වී ඇත. වැඩිම කඩුලු ලාභීන් අතරෙහි තුන් වැන්නා බවට කොළඹ ක්‍රීඩා සමාජයෙහි තුන් ඉරියව් ක්‍රීඩක අශාන් ප්‍රියංජන් පත්ව ඇත්තේ කඩුලු 32ක් දවාගනිමිනි.


කොළඹ ක්‍රීඩා සමාජය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති බැවින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වීමේ අවස්ථාවක් අශාන් ප්‍රියංජන්ට හිමි වී ඇත.තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර සිව්වන හා පස්වන ස්ථානයන් පිළිවෙලින් කඩුලු 31ක් හා 30 බැගින් දවාගත් අසෙල් සිගේරාට හා දිලුම් සුදීරට හිමි වී ඇත.

ක්‍රීඩකයා

පන්දුවාර ගණන

කඩුලු

හොදම පන්දු යැවීම

​සාමාන්‍ය

දුවිදු තිලකරත්න


102.4

36

5/26

9.55

අකිල ධනංජය


113.5

35

5/27

11.68

අශාන් ප්‍රියංජන්


82.2

32

6/22

9.62

​අසෙල් සිගේරා


99.1

31

5/18

9.93

දිලුම් සුදීර


96.5

30

4/12

10.43

ධනුෂ්ක සදරුවන්


93.5

29

5/15

10.41

නිමසර අතරගල්ල


77.5

29

5/27

14.31

ගයාන් සිරිසෝම


97.3

28

5/36

14.42

දිල්රුවන් පෙරේරා


82.2

27

5/8

9.40

​සුමින්ද ලක්ෂාන්

74.2

26

5/29

10.73


0 views0 comments