• Chathura Ramanayake

අදානි සමාගමේ කණ්ඩායමට ක්‍රිස් ලින් ඇතුළු ප්‍රභලයන් රැසක්!!



එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් හදුන්වා දෙන නවතම විස්සයි විස්ස තරගාවලිය එළඹෙන ජනවාරි මසදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය සදහා කණ්ඩායම් හයක් තරග වදින අතර මුම්බායි එමිරේට්ස් කණ්ඩායම හා අබුඩාබි නයිට්‍රයිඩර්ස් කණ්ඩායම් විසින් සිය විදෙස් ක්‍රීඩකයන් ප්‍රකාශයට පත් කෙරිණි.


අදානි සමූහය හිමිකාරීත්වය දරණ ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායමේ විදෙස් ක්‍රීඩක ලයිස්තුවද ප්‍රකාශයට පත් කොට ඇත. ඇන්ඩි ෆ්ලවර් ප්‍රධාන පුහුණුකාරීත්වය දරණ මෙම කණ්ඩායමට ක්‍රිස් ලින්, ශිම්‍රන් හේට්මයර්, ක්‍රිස් ජෝඩ්න්, ඩේවිඩ් වයිස්, ඔලී පෝප් හා කුයිස් අහමඩ් යන ප්‍රභල ක්‍රීඩකයන් ඇතුළත් ය.


නමුත් තරගාවලියට සහභාගී වීම සදහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තවමත් ක්‍රිස් ලින්ට අවසර ලබා දී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. ඒ අනුව විදෙස් ක්‍රීඩකයන් ලැයිස්තුව ප්‍රකාශයට පත් කළ තෙවන කණ්ඩායම බවට ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායම පත් විය.


ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයන් ලයිස්තුව

ශ්‍රිම්‍රන් හේට්මයර්, ක්‍රිස් ලින්, ක්‍රිස් ජෝඩ්න්, ටොම් බැන්ටන්, ඩොමිනිකන් ඩ්‍රේක්ස්, ඩේවිඩ් වයිස්, ජිමී ඕවර්ට්න්, රිචඩ් ග්ලේසන්, රෙහාන් අහමඩ්, වේන් මැඩ්සෙන්, ලියම් ඩේව්සන්, ඔලී පෝප්, ජේම්ස් වින්ස්, කුයිස් අහමඩ්

661 views0 comments