• Chathura Ramanayake

අජන්ත මෙන්ඩිස් අභිබවමින් වනිදු දෙවන තැනට


ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලාභී පන්දු යවන්නන් අතර දෙවැන්නා බවට පත් වන්නට දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග අද දිනයේදී සමත් විය. පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ආසියානු කුසලාන සුපිරි කණ්ඩායම් හතර වටයේදී අජන්ත මෙන්ඩිස් අභිබවමින් දෙවන තැනට පත්වන්නට වනිදුට හැකිවිය.


පාකිස්තානයට එරෙහි තරගයේදී පන්දුවාර හතර තුළ ලකුණු 21කට කඩුලු 3ක් දවාගැනීමට වනිදුට හැකිවිය. වනිදු හසරංග වසර 3ක් වැනි කෙටි කාලයක් තුළදී විස්සයි විස්ස තරග 43කට ක්‍රීඩා කරමින් බිදහෙලා ඇති ජාත්‍යන්තර කඩුලු ගණන 68කි. එහිදී වනිදු හසරංගගේ හොදම පන්දු යැවීම ලෙසින් ඉන්දියාවට එරෙහිව ලකුණු 9කට කඩුලු 4ක් දවාගැනීම සටහන් වෙයි.


මින් පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර විස්සයි විස්ස කඩුලු ලාභීන් අතර දෙවැන්නා ලෙසින් රැදුනු අජන්ත මෙන්ඩිස් තරග 39ක් තුළදී කඩුලු 66ක් දවාගෙන තිබුණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණෙහි රැදෙන්නේ තරග 84ක් තුළ කඩුලු 107ක් දවාගෙන ඇති ලසිත් මාලිංගයි.


ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස කඩුලු දවාගත් ක්‍රීඩකයන්

ලසිත් මාලිංග - 107

වනිදු හසරංග - 68

අජන්ත මෙන්ඩිස් - 66

නුවන් කුලසේකර - 66

දුෂ්මන්ත චමීර - 48

තිසර පෙරේරා - 45

ඇන්ජිලෝ මැතිවුස් - 38

අකිල ධනංජය - 28

ඉසුරු උදාන - 27

1,325 views0 comments