• Chathura Ramanayake

අකිල හා දුවිදු ප්‍රමුඛ අලු බලකායේ පන්දු බලඇණිය !!


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස තරගාවලිය හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ එක් එක් කණ්ඩායමෙහි පිතිකරණ හා පන්දු යැවීම පිළිබඳව Creedanet අප ගෙන එන ලිපි මාලාවෙහි අවසන් ලිපියෙන් අවදානය යොමු කෙරෙනුයේ අශාන් ප්‍රියංජන්ගේ නායකත්වයෙන් යුතු SLC Greys කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණිය පිළිබඳවයි.


SLC Greys කණ්ඩායම සතු අත්දැකීම් බහුලම පන්දු යවන්නා බවට පත් වනුයේ දගපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයයි. අකිල ධනංජය ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 31කට ක්‍රීඩා කරමින් කඩුලු 28ක් දවාගැනීමට සමත් වී ඇත. අකිල ධනංජය විස්සයි විස්ස ක්‍රිකට් පිටියේදී තරග 99කට ක්‍රීඩා කරමින් කඩුලු 118ක් බිදහෙලා ඇත්තේ කඩුලු 4ක් බැගින් වූ අවස්ථාද තුනක් සමගිනි. අකිල ධනංජය අවසන් වූ අන්තර් සමාජ එක්දින තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැන්නා බවටද පත් විය. අවසන් වූ අන්තර් සමාජ එක්දින තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූ දුවිදු තිලකරත්නද මෙම කණ්ඩායමට ඇතුළත් අතර දුවිදු තරග 17කට ක්‍රීඩා කරමින් කඩුලු 27ක් බිදහෙලා ඇත්තේ පන්දුවාරයකට ලකුණු 5.34ක් පමණක් ලබාදෙමිනි.


එමෙන්ම පසුගිය අන්තර් සමාජ එක්දින තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර රැදිසිටි නිම්සර අතරගල්ලද වේගපන්දු යවන්නෙකු ලෙසින් SLC Greys පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කිරීමට සූදානමින් පසුවෙයි. නිම්සර අතරගල්ල විස්සයි විස්ස පිටියේදී තරග 15කට ක්‍රීඩා කරමින් කඩුලු 20ක් බිදහෙලන්නට සමත් වී ඇත. අත්දැකීම් සහිත දගපන්දු යවන්නෙකු වන කණ්ඩායමේ නායක අශාන් ප්‍රියංජන් විස්සයි විස්ස පිටියේදීද කඩුලු 48ක් බිදහෙලන්නට සමත් වී ඇත. අශාන් ප්‍රියංජන් අවසන් වූ අන්තර් සමාජ එක්දින තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතරෙහි තෙවැන්නා බවටද පත් විය.ඒ අනුව අන්තර් සමාජ එක්දින තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් තිදෙනාම SLC Greys කණ්ඩායම සතු වීම වඩාත් සුවිශේෂීය.


දෑතම උපයෝගී කරගනිමින් පන්දු යවන ක්‍රීඩක තරිඳු රත්නායකද මෙම කණ්ඩායමේ පන්දු බලඇණිය සතු සුවිශේෂී ක්‍රීඩකයෙකි. තරිඳු රත්නායක විස්සයි විස්ස තරග 40කට ක්‍රීඩා කරමින් කඩුලු 45ක් දවාගෙන,ඇත්තේ පන්දුවාරයකට ලකුණු 6ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි. පා දගපන්දු යවන ක්‍රීඩක පුලින තරංග විස්සයි විස්ස තරග 44කට ක්‍රීඩා කරමින් කඩුලු 53ක් බිදහෙලන්නට සමත් වී ඇත. වේගපන්දු යවන ක්‍රීඩකයන් වන ලක්ෂාන් ගමගේ හා මිලාන් රත්නායක යන ක්‍රීඩකයන් විස්සයි විස්ස පිටියේදී කඩුලු 13ක් හා 16ක් බැගින් දවාගැනීමට සමත්ව ඇත.


අශාන් ප්‍රියංජන්ගේ කණ්ඩායම සතු තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ක්‍රීඩකයන් අතුරින් සංගීත් කුරේ, මොවින් සුබසිංහ හා මුදිත ලක්ෂාන් යන ක්‍රීඩකයන්ද විස්සයි විස්ස තරග බිමේදී පිළිවෙලින් කඩුලු 16, 10ක් හා 13ක් දවාගැනීමට සමත් වී ඇත. එමෙන්ම තානුක දාබරේ හා කසුන් විදුරද විස්සයි විස්ස කඩුලු 8ක් හා 3ක් බිදහෙලා ඇති ක්‍රීඩකයන් ලෙසින් Greys කණ්ඩායම තුළ රැදී සිටියි.


ක්‍රීඩකයා


ඉනීම


කඩුලු


හොදම පන්දු යැවීම

දළ ලකුණු

අකිල ධනංජය


​94

118

4/17


7.31

අශාන් ප්‍රියංජන්


​64


48


4/11


​6.37

දුවිදු තිලකරත්න


15


27


3/8

5.34

තරිඳු රත්නායක


​40


​45


​4/8


6.02

පුලින තරංග


44


53


3/4

​6.85

​මිලාන් රත්නායක


​16


​16


​6/12


7.20

කවිෂ්ක ලක්ෂාන්


9


13


4/7


5.32

​නිම්සර අතරගල්ල


15


20


4/26


7.45

මුදිත ලක්ෂාන්


8


​13


3/13


5.24

සංගීත් කුරේ


​16


​16


3/19


5.76

මොවින් සුබසිංහ


9


10


3/9


5.72

​තානුක දාබරේ


6


​8


4/15


5.34


229 views0 comments